කොටලීය – ගල්ලෑල්ල පාලම් පුළුල් කිරීම
ප්‍රවාහන, මාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය | මාර්ග සංවර්ධන අධිකාරිය | දිඹුලගල ප්‍රාදේශීය සභාව
දිඹුලගල ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණය යටතේ කොටලීය හා ගල්ලෑල්ල ප්‍රදේශවල
ප්‍රධාන සම්බන්ධතා සපයන පාලම් දෙක පුළුල් කිරීමේ ආරම්භක වැඩසටහන
විශාල ජන සහභාගිත්වයකින් යුතුව ආරම්භ කරන ලදී.
දේශපාලන නායකයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් සහ
ගම් ප්‍රජාව එක්ව මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ ආරම්භක අවස්තාවට පැමිණ සිටියහ.
මෙම පාලම් දෙක ප්රාධාන ගමනා ගමන මර්ගයක් වන
මරඳන්කඩවල – හබරන (A011) මාර්ගයට සම්බන්ධ වන නිසා
දිනපතා මෙම මාර්ගය භාවිතා කරන පාසල් ළමුන් ඇතුළු ජනතාවගේ
ගමනාගමනය පහසු කිරීම හා ආරක්ෂාව වැඩි කිරීම
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
ව්‍යාපෘති විස්තර (සංක්ෂිප්තව)
- ව්‍යාපෘතියේ නම : Maradankadawala – Habarana (A011) මාර්ගය – පාලම් පුළුල් කිරීම
- ව්‍යාපෘති අංකය : RDA/DC/NCP/GOSL/2025/01
- අධීක්ෂණය : පොළොන්නරුව මාර්ග සංවර්ධන කාර්යාලය
- කොන්ත්‍රාත් කරන ආයතනය : K.D. Ebert & Sons Holdings (Pvt) Ltd
- ව්‍යාපෘතිය ආරම්භ වූ දිනය : 25.09.2025
- සම්පූර්ණ කිරීමට නියමිත දිනය : 24.12.2026
- මුළු වියදම : රු. 296,043,109.93
- කාල අවදිය : දින 455
මෙම පාලම් පුළුල් කිරීමෙන් දෙපස ප්‍රදේශවල ගොවිජනතාව,
ව්‍යාපාරිකයන්, පාසල් දුවා දරුවන් ඇතුලු සියලු පොදු ජනතාව
තම නගර වෙත ගමන් කිරීම කිසිදු තදබදයකින් තොරව
ඉතා පහසු ලෙස සිදු කිරීමට හැකි වනු ඇත.
“ආරක්ෂිත පාලමක් – සම්භන්දිත පලාතක් – සාරවත් රටක්”