UNDP complaint

සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය

“පිරිසිදු නගරවලින් සුවඳ වත් දිඹුලාගලක්” – දිඹුලගල ප්‍රාදේශීය සභාව

පලාත් පාලන සතිය 2025 ක්‍රියාත්මක වීම සමග දිඹුලගල ප්‍රාදේශීය සභාව
විසින් “සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනයක්” සංවිධානය කරන ලදී.
මූලික අරමුණ වන්නේ නගරයේ හා වෙළඳ මධ්‍යස්ථානවල සිටින
ජනතාවට පිරිසිදුකරණය, අපද්‍රව්‍ය වෙන්කිරීම හා සෞඛ්‍ය පුරුදු
පිළිබඳ අවබෝධයක් ලබාදීමයි.

අරලගංවිල නගර මධ්‍යයේ නව “Solid Waste Collector Point” එකක්
ජනතාවට භාවිතයට භාර දෙනු ලැබූ අතර,
වීදුරු, ප්ලාස්ටික් හා කඩදාසි වෙන්ව දැමිය හැකි පද්ධතියක්
ඒ සඳහා සවි කර ඇත. මෙය 3R ක්‍රමවේදය (Reduce – Reuse – Recycle)
ප්‍රාදේශීය මට්ටමට රැගෙන එමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ (CSD) නිලධාරීන්, සභාවේ
කාර්මික කණ්ඩායම, වෙළඳසාප්පු හිමියන් සහ ස්වෙච්ඡා සේවකයන්
එක්ව පාරවල්, මෝටර් රථ නැවැත්වීම් මධ්‍යස්ථාන,
නාලා සහ මූලික මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහන
පැවැත්වීය. දුෂ්කර ස්ථානවල කුණු ඉවත් කිරීම,
ජලය ප්‍රවාහ වීම අඩාල කළ මාර්ග සේදීම,
ඇතුලු පිරිසිදු කිරීමේ කටයුතුද සිදු කරන ලදි.

ප්‍රදේශයේ පාසල් සිසු–සිසුවියන්ට පාරිසරික සෞඛ්‍යය පිළිබඳව නිලධාරීන් විසින් සජීවී දැනුවත් කිරීමක්
සිදු කළ අතර “අපෙ නගරය අපිම පිළිවෙලට තබා ගනිමු” යන තේමාව යටතේ
සිසු කණ්ඩායම්ද මාර්ග පිරිසිදු කිරීමේ ගමනට එක්ව සිටියහ.

මෙම සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය මඟින් අරලගංවිල නගරය
පිරිසිදු හා නිරෝගී පරිසරයක් කරගෙන යාම සඳහා ජනපවුරේ
අවධානය වැඩි කරගැනීමට සභාවට හැකි විය.

“කුණු වෙන් කරමු – නගරය රක්ෂා කරමු – සෞඛ්‍යය සුරකිමු”

Top