30 March 2021
🌸කාන්තා නිර්මාණ ප්‍රදර්ශනය හා අලෙවි වැඩසටහන – 2026 🌸
🌸 කාන්තා නිර්මාණ ප්‍රදර්ශනය හා අලෙවි වැඩසටහන – 2026 🌸
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් ප්‍රදේශයේ කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම, ස්වයංරැකියා අවස්ථා විස්තාර කිරීම හා කුඩා ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීම අරමුණින් කාන්තා දිනයට සමගාමීව කාන්තා නිර්මාණ ප්‍රදර්ශන හා අලෙවි වැඩසටහන සංවිධානය කර ඇත.
මෙම වැඩසටහන තුළ කාන්තාවන්ට තම නිර්මාණාත්මක හැකියාවන් වෘත්තීයමය මට්ටමකට වර්ධනය කර ගැනීමටත්, නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කර ආදායම් මාර්ග සෘජුව සකස් කර ගැනීමටත් අවස්ථාව ලැබේ.
🧵 ප්‍රදර්ශන හා නිෂ්පාදන ක්ෂේත්‍ර:
▪️ පන් නිර්මාණ
▪️ සම් ආශ්‍රිත නිෂ්පාදන
▪️ ගොක්කොළ නිර්මාණ
▪️ මැහුම් හා ගෙතුම්
▪️ වේවැල් නිෂ්පාදන
▪️ පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන
▪️ කෙසෙල් පඬරැල් ආශ්‍රිත නිර්මාණ
▪️ ආහාර පාන
▪️ කාන්තා ඔබ විසින් සකස් කරන ඕනෑම නිෂ්පාදනයක්
▪️වෙනත් නිෂ්පාදන
වෙළඳ කුටි වෙන් කරවා ගැනීමේ අවසාන දිනය
📅 2026 පෙබරවාරි 22
අවසාන දිනය සමීපව තිබේ, වෙන් කිරීම සඳහා අදම පහත දුරකථන අංකයට කතා කරන්න.”
📞 වැඩි විස්තර සඳහා: +94 78 450 2616
📍 නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි කිරීමේ විශේෂ අවස්ථාව මෙම වැඩසටහන මඟින්,
✔️ නිෂ්පාදන ප්‍රචාරණ සහ අලෙවි අවස්ථා
✔️ ව්‍යාපාරික ජාල ගොඩනැගීම
✔️ ස්වයංපෝෂිත ආර්ථික මට්ටමකට පියවර තැබීම
ප්‍රදේශයේ උනන්දුවක් දක්වන සියලුම කාන්තාවන්ට මේ සඳහා සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කරමු.
🌺 දිරිය කාන්තාවන් සමඟ ශක්තිමත් දිඹුලාගලක් ගොඩනගමු. 🌺