30 March 2021

🌿♻️ 2026 පරිසර සතිය – ආකල්ප සංවර්ධන වැඩසටහන ♻️🌿

news images

🌿♻️ 2026 පරිසර සතිය – ආකල්ප සංවර්ධන වැඩසටහන ♻️🌿

🗓️ 2026 ජුනි 08 වැනි දින
🕘 පෙ.ව. 9.00 ට
📍 අරලගංවිල මහවැලි රංග ශාලාවේදී

“පිරිසිදු හුස්මක් – පිරිසිදු පරිසරයක්” යන තේමාව යටතේ පරිසරය සුරැකීම සම්බන්ධව හා විවිධ පරිසර වැඩසටහන් පාසල් දරුවන් සහ මහජනතාව නිවැරදිව දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වේ.

මෙම වැඩසටහන මඟින්, 🌱 පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම
♻️ අපද්‍රව්‍ය කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීම
🌳 හරිත පරිසරයක් ගොඩනැගීම සඳහා ජනතා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම
🌍 අනාගත පරපුර වෙනුවෙන් පරිසර හිතකාමී ආකල්ප වර්ධනය කිරීම

යන අරමුණු ඉටුකර ගැනීමට අපේක්ෂා කෙරේ.

එබැවින් පරිසරය සුරැකීමේ මෙම ජාතික වගකීමට එක්වෙමින් ඔබගේ වටිනා සහභාගීත්වය ලබාදෙන ලෙස කාරුණිකව ආරාධනා කරමු.

🍃 “අද රැකෙන පරිසරය හෙට දිනන ජීවිතය” 🍃

Top