අධ්‍යාපන, සාහිත්‍යය හා පුස්තකාල දිනය
දිඹුලගල ප්‍රාදේශීය සභාව විසින් පළාත් පාලන සතිය 2025
සමරමින් අධ්‍යාපන, සාහිත්‍යය හා පුස්තකාල දිනය සංවිධානය කරන ලදී.
මෙම දිනය තුළ දරුවන්ගේ නිර්මාණාත්මක දක්ෂතා,
චිත්‍ර කලා, පාඨ කියවීම්, සහ නිබන්ධ ලිවීම්
තරඟ ක්‍රියාත්මක කරමින් දියුණු පරපුරක් බිහි කිරීම
අරමුණ කොට ගන්නා ලදී.
වැඩසටහන සදහා පාසල් දරුවන්, පරිපාලන නිලධාරීන් හා
පුරවැසියන්ගේ ක්‍රියාශීලි සහභාගිත්වයක් ලැබුණි.
විශිෂ්ට දරුවන්ට සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමීමත්
සමඟ වැඩසටහන නිමාවට පත් විය.
“ඇදුරැ මනසක් – දියුණු දේශයකට”