21/12/2025
🚑⛑️ ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහන 🚨
පාසිකුඩා වෙරළ තීරයේදී
ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි
පාසිකුඩා වෙරළ පොලිසිය මගින් දිඹුලාගල ප්රාදේශීය සභා කාර්ය මණ්ඩලයේ පිරිස සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.
මෙහිදී බෝට්ටු ජීවිතාරක්ෂක ක්රම, ජලය මගින් ජීවිතයට සිදුවිය හැකි විවිධ ආපදා සහ අනතුරු අවස්ථාවන් හමුවේ සියලුම පුද්ගලයින් විසින් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්රියාමාර්ග පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කරනු ලැබීය.
මෙම පුහුණු වැඩසටහන මඟින් කාර්ය මණ්ඩලයේ ආරක්ෂිත හැසිරීම් දැනුම වැඩිදියුණු කරමින්, අනපේක්ෂිත අවස්ථාවන්ට මුහුණ දීමේ හැකියාව තවත් ශක්තිමත් කිරීමට වැදගත් දායකත්වයක් ලබා දුනි.