19/12/2025
🎭🌟 දිඹුලාගල ඉංග්‍රීසි මාධ්‍ය පෙර පාසලේ වාර්ෂික ප්‍රසංගය 👧🧒✨
මනම්පිටිය ප්‍රතිභා ශාලා පරිශ්‍රය
දිඹුලාගල ප්‍රාදේශීය සභා ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසලේ වාර්ෂික ප්‍රසංගය හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2025.12.18 දින මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ මනම්පිටිය මහවැලි ප්‍රතිභා ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.
මෙම අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, ලේකම්තුමන්, මන්ත්‍රීතුමිය ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.
එසේම, AIA ඉන්ෂුවරන්ස් ආයතනය මඟින් දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීම මෙම උත්සවයට විශේෂ වටිනාකමක් එක් කළේය.
මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.
Top