14/02/2026

📢 “ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය

slider image

 පුලතිසි චන්ද්‍ර මණ්ඩප ශාලාව


“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය – 2026 වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම.
“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම් පිළිබඳව
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රජා සංවර්ධන සභා ගරු සභාපතිවරුන් හා ලේකම්වරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්

🏛️ පුලතිසි චන්ද්‍ර මණ්ඩප ශාලාව හිදී පැවැත්විය.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ 2026 වර්ෂය සඳහා සැලසුම් කර ඇති ප්‍රජා මූලික සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ සවිබලගැන්වීම් ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රාදේශීය මට්ටමේ නායකත්වයට සෘජු මාර්ගෝපදේශ ලබාදීම හා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය පැහැදිලි කිරීමයි.

👥 මෙම අවස්ථාවට
උපාලි පන්නිල මැතිතුමා,
ටී.බී. සරත් මැතිතුමා,
සුනිල් රත්නසිරි මැතිතුමා,
පද්මසිරි බණ්ඩාර මැතිතුමා,
එසේම පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, දිස්ත්‍රික් දිසාපතිතුමා, ප්‍රජා ශක්ති ලේකම්වරුන් හා සභාපතිවරුන් සහ රජයේ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

✨ 2026 වසරේදී ග්‍රාමීය පදනම ශක්තිමත් කරමින්, සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කරමින් හා ප්‍රජා නායකත්වය සවිබලගන්වමින් දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ඉලක්ක සාර්ථක කර ගැනීම මෙහි ප්‍රධාන අභිප්‍රාය වේ.
ශක්තිමත් ප්‍රජාවක් – ස්ථාවර සංවර්ධනයක් – පොහොසත් රටක් වෙත පියවරක්.

Top