27/02/2026
📍දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස බස් නැවතුම්පල ජනතා අයිතියට පත් කිරීම.
දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
ජනතා බදු මුදල් යොදාගෙන දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් ඉදිකරන ලද
📍 දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස නව බස් නැවතුම්පළ
අද දින නිල වශයෙන් මහජනතාවගේ භාවිතයට හා අයිතියට පත් කෙරුණි.
මෙම බස් නැවතුම්පළ,
රජය සහ පළාත් පාලන ආයතන එක්ව
👉 ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ගමන් පහසුකම් ඉහළ නංවාලීම.
👉 මහජන සේවා සවිබල ගැන්වීම.
👉 ප්‍රාදේශීය සංවර්ධනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම.
යන අරමුණු සපුරාලමින් ඉදිකරන ලද මහජන දේපළක් වේ.
දිනපතා මෙම මාර්ගය භාවිතා කරන
🚌 පාසල් සිසුන්,
🚌 රාජකාරී සඳහා ගමන් කරන සේවකයින්,
🚌 වැඩිහිටියන් සහ
🚌 මහජනතාවගේ සියලුම පිරිස්
වැසි, හිරු හා අනනුරූප කාලගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා කරමින්
සුරක්ෂිත හා සුවපහසු සේවාවක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා යොදාගනු ලැබ ඇත්තේ
👉 ජනතාව විසින් ගෙවන ලද බදු මුදල් වන බැවින්,
මෙය රාජ්‍ය දේපළක් ලෙස සලකා
ආරක්ෂා කර රැකබලා ගැනීම
මහජනතාවගේ සෘජු වගකීමක් බව අවධාරණය කරමු.
🚫 රාජ්‍ය දේපළ විනාශ කිරීම,
🚫 අපවිත්‍ර කිරීම හෝ
🚫 අයුතු ලෙස භාවිතා කිරීම
නීතිමය වරදක් මෙන්ම
සමස්ත මහජනතාවට සිදුකරන අසාධාරණයකි.
ඒ නිසා,
✔️ රාජ්‍ය හා මහජන දේපළ සුරකිමින් භාවිතා කිරීමට
✔️ අනාගත පරපුරට වටිනා සම්පත් උරුම කරදීමට
✔️ සංවර්ධිත, වගකීම් සහගත ප්‍රදේශයක් ගොඩනැගීමට
සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරමු.
මහජන දේපළ සුරකිමු –
දිඹුලාගලේ සංවර්ධනයට එකමුතුවෙන් එක්වෙමු.