30 March 2021

🏗️ වැලි කැනීම් ව්‍යාපෘතිය සඳහා දෛනික පදනම මත සේවකයින් බඳවා ගැනීම

news images

📢 දිඹුලාගල ප්‍රාදේශීය සභාව – මනම්පිටිය

🏗️ වැලි කැනීම් ව්‍යාපෘතිය සඳහා දෛනික පදනම මත සේවකයින් බඳවා ගැනීම

දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැලි කැනීම් ව්‍යාපෘතිය සඳහා පහත තනතුරු සඳහා සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

👨‍💼 1. ව්‍යාපෘති ස්ථාන භාර නිලධාරි
(Project Site Officer / In-charge)
👤 තනතුරු සංඛ්‍යාව – 01

මෙම නිලධාරියා වැලි කැණීම් ව්‍යාපෘතියේ දෛනික ක්‍රියාකාරකම් කළමනාකරණය කරමින් ව්‍යාපෘති ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ සම්පත් සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිව යුතුය.
📌 ප්‍රධාන කාර්යභාර
🔹 ව්‍යාපෘති ස්ථානයේ දෛනික කටයුතු සැලසුම් කිරීම හා අධීක්ෂණය
🔹 වැලි කැණීම, ප්‍රවාහනය හා ගබඩා කිරීම සම්බන්ධ ක්‍රියාකාරකම් පාලනය
🔹 ශ්‍රමිකයන්, ද්‍රව්‍ය හා යන්ත්‍රෝපකරණ කළමනාකරණය
🔹 දෛනික / සතිපතා / මාසික ප්‍රගති වාර්තා සැකසීම
🔹 සේවා ස්ථානයේ ආරක්ෂිත ක්‍රියාමාර්ග (Safety Measures) අනුගමනය කිරීම
🔹 තාක්ෂණික හෝ ශ්‍රමික ගැටලු විසඳීම
🔹 කණ්ඩායම් සහ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය

🎓 අධ්‍යාපන සුදුසුකම්
✔ ව්‍යාපෘති කළමනාකරණය / වාණිජ / කළමනාකරණය පිළිබඳ උපාධියක්
හෝ
✔ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්
💻 MS Office ඇතුළු IT දැනුම
📅 අවම වශයෙන් වසර 02 ක පළපුරුද්ද

👷 2. ව්‍යාපෘති සුපරීක්ෂක
(Project Site Supervisor)
👤 තනතුරු සංඛ්‍යාව – 01

📌 ප්‍රධාන කාර්යභාර
🔹 වැලි කැනීම් ස්ථානවල දෛනික මෙහෙයුම් අධීක්ෂණය
🔹 සේවකයින්ගේ කාර්යයන් හා යන්ත්‍රෝපකරණ භාවිතය පාලනය
🔹 ආරක්ෂක හා පරිසර නීතිරීති අනුව කටයුතු සිදුවන බව තහවුරු කිරීම
🔹 දෛනික වාර්තා සකස් කර කළමනාකරණයට ඉදිරිපත් කිරීම
🔹 ව්‍යාපෘති කාලසටහනට අනුව කටයුතු ක්‍රියාත්මක කිරීම

🎓 අධ්‍යාපන සුදුසුකම්
✔ ව්‍යාපෘති කළමනාකරණය හෝ සම්බන්ධිත ක්ෂේත්‍රයක ඩිප්ලෝමා හෝ සමාන සුදුසුකමක්
✔ වැලි කැනීම් / ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 02 ක පළපුරුද්ද
✔ කණ්ඩායම් කළමනාකරණ හා සන්නිවේදන හැකියාව
✔ පරිගණක දැනුම හා වාර්තා සකස් කිරීමේ හැකියාව
✔ ක්ෂේත්‍ර කාර්යයන් සඳහා යාමට හැකියාව

👮 මුරකරු
( Watchman )

📅 අයදුම් කිරීම
අයදුම්කරුවන් පහත ලේඛන සමඟ පැමිණෙන්න.

📄 ජීව දත්ත වාර්තාව (CV)
📄 අධ්‍යාපන සහතිකවල පිටපත්
📄 අනෙකුත් සුදුසුකම් සහතික
🪪 ජාතික හැදුනුම්පතේ පිටපත

📍 දිඹුලාගල ප්‍රාදේශීය සභා කාර්යාලය
📅 2026.03.18 (බදාදා)

📋 පොදු සුදුසුකම්

🎂 වයස: අවුරුදු 25 – 40 අතර විය යුතුය
📍 බලප්‍රදේශයේ පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය

Top