27/03/2026
🙏දෙමාපිය වන්දනා වැඩසටහන🌸
දිඹුලාගල ප්‍රාදේශීය සභා ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසල
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් පවත්වාගෙන යනු ලබන මනම්පිටිය ඉංග්‍රීසි මාධ්‍ය පෙරපාසලේ
2026.03.27 වන දින, දෙමාපිය වන්දනා වැඩසටහන ඉතා ගෞරවයෙන් සහ සාර්ථක ලෙස පැවැත්විනි.
අරලගංවිල වජිරධම්මදීපා මෙහෙණිනින් වහන්සේගේ වැඩමවීමෙන් පවත්වනු ලැබූ අතර,
දුවා දරුවන්ගේ දෙමාපියන් විශාල සංඛ්‍යාවක් සහභාගී වී මෙම අවස්ථාව අගනා ආත්මීය අත්දැකීමක් බවට පත්විය .
දරුවන් තුළ දෙමාපියන්ට ගරු කිරීම, ආදරය සහ කෘතඥතාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ
මෙම වැඩසටහන, සියලු දෙනාගේ සක්‍රීය සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව නිමාවට පත්විය.