02/04/2026
“රටම එකට” ජාතික මෙහෙයුම
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
“රටම එකට” ජාතික මෙහෙයුම
රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන විෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “රටම එකට” ප්‍රාදේශීය මෙහෙයුම් සභාව පිහිටුවීම 2026.04.02 දින ප.ව. 2.00ට දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විනි.
මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් රත්නසිරි මැතිතුමන්ගේ ප්‍රධානත්වය හිමිවූ අතර, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්තුමන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජිතයන්, පාසල් නියෝජිතයන්, සහ ප්‍රදේශයේ සමාජ සංවිධාන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.
මෙම සභාව පිහිටුවීම මඟින් ප්‍රදේශය තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිතය හා ව්‍යාප්තිය අවම කිරීම, තරුණ පරපුර දැනුවත් කිරීම, සහ සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගන්නා ව්‍යුහයක් සකස් කිරීම අරමුණ කරගෙන ඇත.
ඒ අනුව, අදාළ ක්ෂේත්රවල නියෝජිතයන් එක්කරමින් සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, සහ ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කරන ලදී.
සමාජය විෂ මත්ද්‍රව්‍යවලින් තොර සුරක්ෂිත පරිසරයක් බවට පත් කිරීම සඳහා සියලු පාර්ශ්ව එකමුතුවෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කරන ලදී.