📍 දිඹුලාගල ප්‍රාදේශීය සභාව
🚌 මහජන දේපල විනාශ කිරීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීම.
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් 2026.02.27 දින, ජනතාවගේම බදු මුදල් රුපියල් ලක්ෂ 20ක් වැය කරමින්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස නව බස් නැවතුම්පොළ ඉදි කර මහජන පරිහරණයට ලබා දෙන ලදී.
මෙම බස් නැවතුම්පොළ ප්‍රදේශවාසී ජනතාවගේ පහසුව, ආරක්ෂාව සහ පිරිසිදු පරිසරයක් සැපයීමේ අරමුණින් ස්ථාපිත කරන ලද්දකි.
එහෙත්, දැඩි කණගාටුවට කරුණක් ලෙස, මේ වන විට කිසියම් වගකීම් රහිත පුද්ගලයන් විසින් එය අපවිත්‍ර කරමින් හානි කර ඇති බව නිරීක්ෂණය වී ඇත.
🔴 ස්ටිකර් ඉරා දැමීම .
🔴 බුලත් කෙළ බිත්ති මත ගැසීම.
🔴 විට හුණු හා අනෙකුත් අපවිත්‍ර ද්‍රව්‍ය බිත්ති මත ගා අපහසු තත්ත්වයක් ඇති කිරීම.
🔴 බස් නැවතුම්පොළේ සෞන්දර්යය හා පිරිසිදුභාවය විනාශ කිරීම
මෙවැනි ක්‍රියා මගින් මහජන දේපල විනාශ වීමත් සමඟ, නැවත අලුත්වැඩියා කිරීමට ජනතාවගේම මුදල් නැවත වැය කිරීමට සිදු වන අතර, එය සමාජය පුරා වගකීම් හිඟ බවක්ද පෙන්වයි.
🚫 මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට සෘජුව දැනුම් දෙන්නෙමු —
⚠️ මෙය ඔබගේම මුදලින් ඉදි කළ මහජන දේපලකි.
⚠️ එය විනාශ කිරීමෙන් ඔබ හානි කරන්නේ ඔබගේම ගම්මානයටයි.
⚠️ මෙවැනි ක්‍රියා නීතිවිරෝධී වන අතර, ඉදිරියේදී එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.
📢 ඉදිරියේදී —
👉 දඩ මුදල් පැනවීම.
👉 නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
සිදු කරනු ලැබේ.
🙏 මෙම බස් නැවතුම්පොළ ඔබ සැමගේ දේපලකි. එය පිරිසිදුව, සුරක්ෂිතව සහ ගෞරවයෙන් භාවිතා කිරීම ඔබ සැමගේ වගකීමකි.
➡️ මහජන දේපල රැකගනිමු
➡️ පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගමු
➡️ වගකීම් සහගත සමාජයක් නිර්මාණය කරමු