21/05/2026
210 දලුකාන වසම අරලගංවිල ප්‍රදේශයේ යුධ හමුදා කඳවුර අසළ සිට මහියංගන ප්‍රධාන මාර්ගය දක්වා
210 දලුකාන වසම අරලගංවිල ප්‍රදේශයේ යුධ හමුදා කඳවුර අසළ සිට මහියංගන ප්‍රධාන මාර්ගය දක්වා
210 දලුකාන වසම, අරලගංවිල ප්‍රදේශයේ යුධ හමුදා කඳවුර අසළ සිට මහියංගන ප්‍රධාන මාර්ගය දක්වා වන මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සාර්ථකව සිදුකරමින් පවතී.
ප්‍රදේශයේ ජනතාවගේ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම, වාහන ගමනාගමනය වේගවත් කිරීම සහ ආරක්ෂිත මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.
මෙම මාර්ගය සංවර්ධනය වීමත් සමඟ ගම්මාන අතර සම්බන්ධතාවය ශක්තිමත් වන අතර දෛනික ජීවන කටයුතුද පහසු වනු ඇත.
මෙය ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ඉතා වැදගත් පියවරකි. 🧡💪