07/06/2026
💪🧡 දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති🧡💪
අලවකුඹුර කොට්ඨාසයේ කන්දේගම
💪🧡 දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 🧡💪
ප්‍රදේශවාසී ජනතාවගේ දෛනික ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින්, අලවකුඹුර කොට්ඨාසයේ කන්දේගම අංක 02 සිට කණ්ඩුල වැව හරහා පාසල දක්වා දිවෙන මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත.
මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් පාසල් දරුවන්, ගොවි ජනතාව සහ ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත හා පහසු ප්‍රවේශ මාර්ගයක් හිමිවන අතර, ප්‍රදේශයේ සමාජ හා ආර්ථික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට ද දායකත්වයක් සැලසෙනු ඇත.
ජනතා අවශ්‍යතා හඳුනාගෙන, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ජන ජීවිතය නංවාලීම සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාව අඛණ්ඩව කැපවී සිටී.
🚜🛣️ සංවර්ධනය කරා පියවරෙන් පියවර… 🤝 ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කැපවන දිඹුලාගල ප්‍රාදේශීය සභාව