10/06/2026

📍දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


📍 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය

උතුරු මැද පළාත් පාලන කොමසාරිස් ඩබ්ලිව්.එම්.රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඉංජිනේරුතුමන්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, ලේකම්තුමන් හා තාක්ෂණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති රැසක් අධීක්ෂණයට ලක් කරන ලදී.

මෙහිදී සිරිපුර ජල සම්පාදන ව්‍යාපෘතිය, දිඹුලාගල ජල සම්පාදන ව්‍යාපෘතිය, වැලි ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක රුක් රෝපණ වැඩසටහන සහ ජනතා පහසුව සඳහා සංවර්ධනය කරන ලද මාර්ග ව්‍යාපෘති නිරීක්ෂණය කරමින් ඒවායේ ප්‍රගතිය, ගුණාත්මකභාවය හා ප්‍රජාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ සොයා බැලීම සිදු කෙරිණි.

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම, මූලික යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ පරිසර හිතකාමී සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘති නියමිත ප්‍රමිතීන්ට අනුව කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව ද මෙහිදී නිරීක්ෂණය කරන ලදී.

“තිරසාර සංවර්ධනයක් කරා දිඹුලාගල” යන දැක්ම යථාර්ථයක් කරමින් ජනතා අවශ්‍යතා මූලික කරගත් සංවර්ධන වැඩසටහන් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට දිඹුලාගල ප්‍රාදේශීය සභාව කැපවී සිටී.

Top