12/06/2026

♿චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ තවත් සමාජ සත්කාරක වැඩසටහන

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා කාර්යාලය


♿චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වයේ තවත් සමාජ සත්කාරක පියවරක් 🤝♿

දීර්ඝ කාලයක සිට පවතින චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, චීන මහජන සමූහ ආණ්ඩුව විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආබාධිත පුද්ගලයින්ගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් රුපියල් මිලියන 2 ක වියදමින් රෝද පුටු 50 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහන 2026 ජූනි මස 05 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහනට සමගාමීව, දිඹුලාගල බල ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයින් වෙත රෝද පුටු ප්‍රදානය කිරීමේ විශේෂ අවස්ථාවක් දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී 2026.06.12 දින පවත්වනු ලැබූ අතර, එමඟින් ප්‍රතිලාභීන්ගේ දෛනික ජීවිතය පහසු කරමින් ඔවුන්ගේ සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වැඩි දායකත්වයක් ලබාදීමට හැකිවන බව විශ්වාස කෙරේ.

මෙම අවස්ථාව සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමන් ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර, කතානායක ලේකම්තුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් දුමින්ද බණ්ඩාර උදුගොඩ මහතා, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ මහජන සම්බන්ධීකරණ නිලධාරී G.R. නන්දසේන මහතා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් S.A.A.S. සේනානායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන අර්ථවත් අයුරින් පැවැත්විණි.

සමාජයේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජීවන ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා මෙවැනි පරිත්‍යාගශීලී වැඩසටහන් ඉතා වැදගත් වන අතර, ජාත්‍යන්තර මිත්‍රත්වය හා මානව හිතවාදී සහයෝගීතාවය තුළින් ජනතා සුබසාධනය ශක්තිමත් කිරීමේ තවත් සාර්ථක පියවරක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැක.

💙♿ “සියලු දෙනාට සමාන අවස්ථා සහිත, ඇතුළත්කරණය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම අප සැමගේ වගකීමයි.”