30 March 2021
🚸 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය 📅
🚸 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය
📅 2026 ජූලි 06 සිට 10 දක්වා
අනතුරු නිවාරණය පිළිබඳව ජනතාවගේ දැනුවත්කම ඉහළ නැංවීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 11 වන ජාතික අනතුරු නිවාරණ සතිය 2026 ජූලි 06 සිට 10 දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම සතිය තුළ මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, නිවෙස් සහ වැඩිහිටි නිවාසවල අනතුරු, දියේ ගිලීම් මෙන්ම පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වේ.
අනතුරු සිදුවීමට පෙර ඒවා වළක්වා ගැනීම සඳහා අවදානම් ස්ථාන හඳුනාගෙන, ආරක්ෂිත පුරුදු දෛනික ජීවිතයට එක්කර ගැනීම අප සැමගේ වගකීමකි. සුරක්ෂිත නිවසක්, සුරක්ෂිත සේවා ස්ථානයක්, සුරක්ෂිත පාසලක් සහ සුරක්ෂිත ප්‍රජාවක් ගොඩනැගීමට අපි සැම දායක වෙමු.
“අනතුරු නිවාරණය තුළින් ශ්‍රී ලාංකේය ජනතාව වෙත සුරක්ෂිත මෙන්ම පැහැබර හෙට දිනක්.”