30 March 2021

🐾සුරතල් හා අනාථ/වීදි සුනඛයන් වන්ද්‍යාකරණ වැඩසටහන🐾

news images

🐾 සම්මතයන් බිඳලමු – ජලභීතිකාව දුරලමු – රජරටින් අරඹමු 🐾

මිනිසාගේත් සතුන්ගේත් සුරක්ෂිත අනාගතයක් උදෙසා, අනාථ/වීදි සුනඛ සංඛ්‍යාව මානුෂීය ලෙස පාලනය කිරීම සහ ජලභීතිකාව (Rabies) වැනි මාරාන්තික රෝගය වැළැක්වීම අරමුණු කරගනිමින් සුරතල් හා අනාථ/වීදි සුනඛයන් සඳහා නොමිලේ වන්ද්‍යාකරණ වැඩසටහනක් සංවිධානය කර ඇත.

📅 2026.06.30 (අඟහරුවාදා)
📍 අරලගංවිල පොළ භූමිය – පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා
📍 මනම්පිටිය ප්‍රජා ශාලාව – ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා

📅 2026.07.01 (බදාදා)
📍 සිරිපුර පොළ භූමිය – පෙ.ව. 8.00 සිට ප.ව. 12.00 දක්වා
📍 කළු කැලේ සමිති ශාලාව – ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා

මෙම වැඩසටහන මඟින්, 🐾 අනාථ හා වීදි සුනඛ සංඛ්‍යාව ක්‍රමානුකූලව පාලනය කිරීම,
🐾 සතුන්ගේ සෞඛ්‍යය හා සුබසාධනය ඉහළ නැංවීම,
🐾 ජලභීතිකාව පැතිරීම අවම කිරීම,
🐾 මිනිසුන් සහ සතුන් අතර සුරක්ෂිත හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනැගීමට දායක වීම අපේක්ෂා කරයි.

මෙම සමාජ සත්කාරක වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සුරතල් සුනඛ හිමියන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ඔබගේ වටිනා සහයෝගය අපේක්ෂා කරමු.

“අද ගන්නා වගකීම් සහගත පියවරක්, හෙට සුරක්ෂිත සමාජයකට ශක්තියකි.”

රටත් සුරක්ෂිතයි… ඔබත් සුරක්ෂිතයි!

Top