30 March 2021
ජාතික සුපිළිපන් සතිය 2026
ජාතික සුපිළිපන් සතිය 2026 

ජූලි 27 සිට ජූලි 31 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වන “සුපිළිපන් සංස්කෘතික් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික වැඩසටහන සමඟ ඔබත් එක්වන්න.
“තමන්ගෙන් සේවය ලබාගන්නා සියලු ජනතාව වෙත සාධාරණ, පාරදෘශ්‍ය, වගකීමෙන් යුත් හා සදාචාරාත්මක රාජ්‍ය සේවයක් ලබාදීමට අපි කැපවෙමු.”
රාජ්‍ය සේවය කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම, ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පාරදෘශ්‍යභාවය හා වගවීම තහවුරු කිරීම සහ සදාචාරාත්මක රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින් 2026 ජූලි 27 සිට ජූලි 31 දක්වා විශේෂ දැනුවත් කිරීමේ සහ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් රටපුරා ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ජනතාවට කාර්යක්ෂම, විශ්වාසදායක හා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා රාජ්‍ය ආයතන තුළ යහපාලන මූලධර්ම, වගකීම, සදාචාරාත්මක හැසිරීම සහ සේවා සංස්කෘතිය තවදුරටත් වර්ධනය කිරීමයි.
දිනපතා තේමා
ජූලි 27 – ආයතනික සුපිළිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 28 – මූල්‍ය, ක්‍රියාවලි හා කාර්ය සාධන සුපිළිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 29 – ආචාරධර්මීය සුපිළිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 30 – යටිතල පහසුකම්, සේවා කැපවීම සහ ශ්‍රම සුපිළිපන්බව ප්‍රවර්ධනය කිරීම.
ජූලි 31 – සම්පත් කළමනාකරණය හා බලගැන්වීමේ සුපිළිපන්බව ප්‍රවර්ධනය කිරීම.
මහජන පැමිණිලි භාරගැනීම
රාජ්‍ය සේවාවන් පිළිබඳ ඔබගේ අදහස්, යෝජනා සහ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහත පහසුකම් සලසා ඇත.
QR කේතය මගින්
E-mail මගින්
දුරකථන මගින්
වෙබ් පණිවිඩ මගින්
ලිපි මගින්
ලැබෙන සියලුම පැමිණිලි විධිමත් ලෙස සටහන් කර ඒවාට අදාළ ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ ඩිජිටල් පද්ධතියක් ක්‍රියාත්මක වන අතර, එමඟින් වඩාත් කාර්යක්ෂම හා වගකීමෙන් යුත් සේවාවක් ජනතාව වෙත ලබාදීමට කටයුතු කරනු ලැබේ.
ජනතා විශ්වාසය දිනාගත් රාජ්‍ය සේවයක් ගොඩනැගීම අප සැමගේ වගකීමයි.
මෙම වැඩසටහන 2026 ජූලි 31 දිනෙන් අවසන් නොවන අතර, 2026 දෙසැම්බර් 31 දක්වා සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් යහපත් පාලනය, පාරදෘශ්‍යභාවය, වගවීම සහ ජනතා කේන්ද්‍රීය සේවා සංස්කෘතියක් ස්ථාපිත කිරීම සඳහා කැපවී කටයුතු කරනු ඇත.
පිරිසිදු චින්තනයක්… සදාචාරාත්මක හැසිරීමක්… පාරදෘශ්‍ය සේවාවක්… ජනතා විශ්වාසය දිනාගත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි සැවොම එක්වෙමු.