10/07/2026
අවිධිමත් ලෙස බැහැර කළ කසළ ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් උදෙසා…


අවිධිමත් ලෙස බැහැර කළ කසළ ඉවත් කරමින් පිරිසිදු පරිසරයක් උදෙසා…

පොසොන් උත්සවය නිමිත්තෙන් දිඹුලාගල ආරණ්
ය සේනාසනය හා ඒ අවට ප්
රදේශ වෙත විශාල බැතිමතුන් පිරිසක් පැමිණි අතර, ඇතැම් පිරිස් විසින් අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් මාර්ග දෙපස, බස් නැවතුම්පළ අවට, නිදහස් උයන් සහ පොදු ස්ථාන රැසක කසළ එක්රැස් වී පරිසරය අපවිත්
ර වී තිබුණි.

ජනතාවගේ සෞඛ්
යය, පරිසරයේ සුන්දරත්වය සහ ප්
රදේශයේ පිරිසිදුකම ආරක්ෂා කිරීමේ අරමුණින් දිඹුලාගල ප්
රාදේශීය සභාවේ සෞඛ්
ය අංශය විසින් විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්
රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන යටතේ පහත ප්
රදේශවල කසළ එක්රැස් කිරීම හා නිසි ලෙස බැහැර කිරීම සිදු කෙරිණි.

දළුකාන වැව දෙපස

දිඹුලාගල ආරණ්
ය සේනාසනය අසල මාර්ගය දෙපස

බස් නැවතුම්පළ අවට

අනෙකුත් කසළ එක්රැස් වී තිබූ පොදු ස්ථාන

එක්රැස් කළ කසළ පරිසර හිතකාමී ක්
රමවේදයන්ට අනුව කළමනාකරණය කරමින් ප්
රදේශය නැවත පිරිසිදු හා සෞඛ්
යාරක්ෂිත තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලදී.

පිරිසිදු පරිසරයක් ගොඩනැගීම පළාත් පාලන ආයතනවල පමණක් නොව, අප සියලු දෙනාගේම වගකීමකි.
#දිඹුලාගල_ප්රාදේශීය_සභාව #CleanDimbulagala #Poson2026 #KeepSriLankaClean #WasteManagement #ProtectEnvironment
Top