21/12/2025

🌱🤝 පිරිසිදු දිඹුලාගලක් සඳහා කැපවූ සේවක ඇගයීමේ වැඩසටහන 👏

slider image

 කල්කුඩා Laya Waves Beach Hotel පරිශ්‍රයේදී


කසල කළමනාකරණ ඒකකයේ සේවක මණ්ඩලය සඳහා ඇගයීමේ විශේෂ වැඩසටහනක්…

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ කසල කළමනාකරණ ඒකකයේ කටයුතු සිදු කරන සේවක මණ්ඩලය සඳහා ඇගයීමේ විශේෂ වැඩසටහනක්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමන්ගේ සහභාගීත්වයෙන් සහ මඟ පෙන්වීම යටතේ කල්කුඩා Laya Waves Beach Hotel 🌊පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන මඟින් දෛනිකව මහජන සේවය වෙනුවෙන් කැපවී සේවය කරන කසල කළමනාකරණ ඒකකයේ සේවක පිරිසට ගෞරවය සහ කෘතවේදීත්වය පළ කරමින්, විශේෂ උත්සවයක් මඟින් සමරු තිළිණ ලබා දීම සිදු කරන ලදී.

තවද දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරී තුමන් දෙපල ,විෂය නිලධාරීතුමිය සහ වැඩ පරීක්ෂක තුමන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි .

සේවක අභිප්‍රේරණ වැඩසටහන සමඟ සමගාමීව සංවිධානය කළ මෙම විශේෂ අවස්ථාව මඟින් අපගේ කසල කළමනාකරණ ඒකකයේ සේවක මණ්ඩලයේ සතුට, මනසේ නිදහස සහ සේවයට ඇති කැපවීම තවත් වටිනා කර දැක්වීමට හැකි විය

Top