19/09/2025
🎓 පෙර පාසල් දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහන
දිඹුලාගල ප්‍රාදේශීය සභා දිවා සුරැකුම් මධ්‍යස්ථානය
🎓 පෙර පාසල් දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහන
🏛️ “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 | 🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්,
පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව
“පුනරුදයේ පුරවර” තේමාව යටතේ
සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල දිනය සමරන අයුරින්
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින්
ප්‍රාදේශීය සභා පෙර පාසල් දුවා දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්
2025 සැප්තැම්බර් 19 දින
දිවා සුරැකුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ පැවැත්විනි.
මෙම වැඩසටහන මගින් දරුවන් තුළ ඇති පෞරුෂය, සමාජ හැසිරීම සහ අත්දැකීම් බෙදා ගැනීමේ හැකියාව වර්ධනය කිරීම අපගේ අරමුණ විය.
එම අවස්ථාවෙහිදී පුස්තකාල සාමාජිකත්වය ලබා නොසිටින දරුවන් හා වැඩිහිටියන් දැනුවත් කිරීම හා
අයදුම්පත් බෙදා දීමද සිදු කරන ලදී.
මෙම වැඩසටහන මගින් දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය, නිර්මාණශීලී හැකියාවන් සහ
විශ්වාසයෙන් පරිපූර්ණ පුද්ගලයෙකු ලෙස පිරිපහදීම පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලදී.