31/01/2026

🏗️🚛 ටිපර් රථ සඳහා සහ අලෙවිය සඳහා වැලි නිකුත් කිරීමේ කටයුතු හා 🏢 ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීම.

slider image

 අරලගංවිල විජයභාපුර


💪💜 දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ වැලි කැනීමේ ව්‍යාපෘතිය – ජනතා හිතකාමී නව පියවරක්!
දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරන වැලි කැනීමේ ව්‍යාපෘතිය යටතේ
🚛 ටිපර් රථ සඳහා සහ 🏗️ අලෙවිය සඳහා වැලි නිකුත් කිරීමේ කටයුතු හා
🏢 ව්‍යාපෘති කාර්යාලය විවෘත කිරීම
අද දින ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ උත්සවාකාරයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට
🔹 උතුරු මැද පළාත් ආණ්ඩුකාර ගරු වසන්ත ජිනදාස මැතිතුමා,
🔹 පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිඹුලාගල සම්බන්ධීකරණ කමිටු සභාපති සුනිල් රත්නසිරි මැතිතුමා,
🔹 ආණ්ඩුකාරතුමාගේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් චින්තක අබේගුණවර්ධන මැතිතුමා,
🔹 උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ජයලත් මැතිතුමා,
🔹 දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමා, මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමා, කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් සහභාගී වූහ.
🌱 අඩු මුදලට වැලි – පරිසර හිතකාමී ලෙස
බල ප්‍රදේශයේ ජනතාවටත්, සියලුම ප්‍රජාවටත් අඩු මිලකට වැලි ලබාදීම,
හරිත මංකඩ සංකල්පය යටතේ පරිසරය සුරක්ෂිත කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම,
ගොවි ජනතාව සමඟ එක්ව ඇලවේලි හා ඇලමාර්ග නඩත්තු කිරීම සඳහා
දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇත.
💰 මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ආදායම නැවත වතාවක්
👉 අප බල ප්‍රදේශයේ ජනතාවගේ සුභසාධනය සඳහාම යොදවනු ඇත.
ප්‍රදේශයේ ඛනිජ සම්පත්, ප්‍රදේශයේ ජනතාවගේම අභිවෘද්ධියට භාවිත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
👷‍♂️👷‍♀️ රැකියා අවස්ථා 150කට අධික ප්‍රමාණයක්
මෙම වැලි ව්‍යාපෘතිය මගින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ජනනය වන අතර
එය ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මනා පිටුවහලක් වනු ඇත.
🎥🌍 මේ සමගාමීව
දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංචාරක ආකර්ශනීය ස්ථාන පිළිබඳ
වාර්තාමය වීඩියෝ පටයන් ප්‍රාදේශීය සභා නිල වෙබ් පිටුව හරහා
ගරු ආණ්ඩුකාරතුමාගේ සුරතින් ජනගත කෙරිණි.
එසේම, නිල වෙබ් පිටුව මගින් මහජනතාවට ලබාදෙන සේවාවන්ද නිරීක්ෂණයට ලක් විය.
♻️ පිරිසිදු පරිසරයක් වෙනුවෙන් තවත් පියවරක්
දිඹුලාගල ප්‍රාදේශීය සභා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය මගින්
රු. මිලියන 02ක් වටිනා කසළ බදුන්
බල ප්‍රදේශයේ ස්ථානගත කිරීමේ වැඩසටහන
ගරු මන්ත්‍රී සුනිල් රත්නසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මකව සිදු කෙරිණි.
👉 දිඹුලාගල – සංවර්ධනයත්, පරිසරයත්, ජනතාවත් එකම ගමනක! 💚

Top