28/01/2026
🏗️🚜 වැලි කැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම🌱
විජයභාපුර
දිඹුලාගල ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන වැලි කැනීමේ ව්‍යාපෘතිය අද දින සාර්ථකව ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ පසුගිය සමයේ වැලි ගොඩ දැමීමේ කටයුතු සිදු කළ කම්කරු සහෝදරයින් සියළුම දෙනාට නැවත රැකියා අවස්ථා ලබාදීමට හැකිවීම විශේෂත්වයකි.
ඒ අනුව සෘජු හා වක්‍ර වශයෙන් 100කට ආසන්න රැකියා අවස්ථා නැවත සක්‍රීය වී ඇත.
තවද දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සලකා බලා, අඩු මිලට හා පහසුවෙන් වැලි ගබඩාවෙන්ම වැලි ලබා දීමට විශේෂ වැඩපිළිවෙලක්ද මේ සමඟ ක්‍රියාත්මක කර ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා ප්‍රදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම, ජනතා ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ සාධාරණ මිලකට ඉදිකිරීම් අවශ්‍යතා සපුරාලීම අපගේ ප්‍රධාන අරමුණයි.