18/09/2025
🏛️ පළාත් පාලන සතිය 2025 – මාර්ගගත මුදල් ගෙවීමේ පහසුකම දියත් කිරීම
දිඹුලාගල ප්‍රාදේශීය සභාව
🎯 “පුනරුදයේ පුරවර” – ආදායම් ප්‍රවර්ධන දිනය සමගාමී විශේෂ අවස්ථාව
🏛️ පළාත් පාලන සතිය 2025 – මාර්ගගත මුදල් ගෙවීමේ පහසුකම දියත් කිරීම
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන්,
පළාත් පාලන සතිය – 2025 වැඩසටහනට සමගාමීව
“පුනරුදයේ පුරවර” තේමාව යටතේ
ආදායම් ප්‍රවර්ධන දිනය උත්සවමය අන්දමින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්,
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම
ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
එමගින් නව තාක්ෂණික යෝජනා සහ ආදායම් වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා
නව යුගයක් සඳහා දොරටුවක් විවෘත කිරීමේ හැකියාව දිඹුලාගල ප්‍රාදේශීය සභාවට ලැබුණි.