24/05/2026

🏡✨ පිඹුරැත්තෑව නිවාස ව්‍යාපෘතියේ චෙක්පත් ප්‍රදානෝත්සවය ✨🏡

slider image

 අරලගංවිල


🏡✨ පිඹුරැත්තෑව නිවාස ව්‍යාපෘතියේ චෙක්පත් ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්විණි ✨🏡

පිඹුරැත්තෑව ප්‍රදේශයේ ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින් ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහන අද දින ගෞරවාන්විත අයුරින් පැවැත්වුණි. 🧡💪

මෙම අවස්ථාව සඳහා නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන ගරු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මැතිතුමන්, පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුනිල් රත්නසිරි මැතිතුමන්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු රජයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

ජනතාවට සුරක්ෂිත හා ගුණාත්මක නිවාස පහසුකම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ග්‍රාමීය සංවර්ධනයට නව ශක්තියක් එක් කරනු ඇත. 🏠✨

📅 2026🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top