24/05/2026

🏡 “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”✨

slider image

 මීවත්පුර සිරිපුර


🏡 “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”✨

නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ මීවත්පුර සිරිපුර කොට්ඨාශයේ පදිංචි වයි.ඒ. ප්‍රියන්ත පුෂ්පකුමාර මහතාගේ නව නිවස නිවැසියන් වෙත භාරදීම 2026.05.23 දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

දිගුකාලීනව යහපත් නිවසක අවශ්‍යතාවයෙන් සිටි පවුලකට සුරක්ෂිත, සුවපහසු සහ ගෞරවනීය ජීවන පරිසරයක් උදාකරදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන අතර, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජය ක්‍රියාත්මක කරන ජනතා හිතකාමී වැඩසටහන් අතර මෙය විශේෂ ස්ථානයක් ගනී. 🧡🏠

ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස පහසුකම් ලබාදීම මඟින් ඔවුන්ගේ සමාජ හා ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීම, දරුවන්ට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම සහ පවුල් ජීවිතය සතුටින් ගත කළ හැකි පරිසරයක් බිහිකිරීම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා, දිඹුලාගල ප්‍රාදේශීය සභා සභාපති ගයාන් චතුරංග මහතා, පොළොන්නරුව නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකාරතුමන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව සහ ප්‍රදේශයේ ගෞරවනීය පිරිසක්ද සහභාගී වූහ. ✨

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලමින් “සෑම පවුලකටම සුරක්ෂිත නිවසක්” යන අරමුණ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මෙවැනි සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබයි. 💪🧡

📅 2026 “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව

Top