14/06/2026

🐘🌿 වන අලි – මිනිස් ගැටුම අවම කිරීමේ පරිසර සුරක්ෂිතතා වැඩසටහන🌿🐘

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


🐘🌿 වන අලි – මිනිස් ගැටුම අවම කිරීමේ සහ පරිසර සුරක්ෂිතතා වැඩසටහනක් සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි 🌿🐘

වන අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ආරක්ෂිත මාර්ග සකස් කිරීම හා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සුසාන භූමි සහ මාර්ග අවට කැළෑ ප්‍රදේශ පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් 2026.06.14 දින පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ දම්මින්න, පුබුදුගම සහ ඉහල වැව සුසාන භූමි අවට පිහිටි කැළෑ ප්‍රදේශයන් මෙන්ම දම්මින්න – මහඔය ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි කැළෑ කොටස් ද පිරිසිදු කිරීම සිදු කරන ලදී. ජනතාවගේ දෛනික ගමනාගමනයට බාධාවක් විය හැකි හා වන අලි සැඟවී සිටීමේ අවදානමක් ඇති ප්‍රදේශ හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම මගින් ගම්වාසීන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී උපාලි රත්නායක මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා ඉහල වැව හා පුබුදුගම මරණාධාර සමිතියේ සාමාජිකයන්, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්, දම්මින්න යුධ හමුදා නිලධාරීන්, දම්මින්න හා ඉහල වැව ග්‍රාම නිලධාරී මණ්ඩලය, මහවැලි ඒකක කළමනාකරණ ඒකකයේ නිලධාරීන්, කන්දේගම ප්‍රදේශවාසීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ප්‍රජාවගේ ආරක්ෂාව, පරිසර සංරක්ෂණය සහ වනජීවීන් සමඟ සහජීවනය තහවුරු කිරීම සඳහා රාජ්‍ය ආයතන හා ජනතාව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙම වැඩසටහන මගින් නැවතත් තහවුරු විය.

🤝 සහභාගී වූ සියලු දෙනාට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ස්තූතිය පුද කරමු.

Top