19/09/2025

📖✨ දිඹුල්ගිර සාහිත සන්ධ්‍යාව – 2025 ✨🎶

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රය


📖✨ දිඹුල්ගිර සාහිත සන්ධ්‍යාව – 2025 ✨🎶

🏛️ “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 | 🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්”

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” තේමාව යටතේ
පළාත් පාලන සතිය 2025 සදහා සමගාමීව පැවැත්වූ
සාහිත්‍යය, අධ්‍යාපන සහ පුස්තකාල දිනය වෙනුවෙන්
විශිෂ්ට කලාත්මක අත්දැකීමක් වූ “දිඹුල්ගිර සාහිත සන්ධ්‍යාව – 2025” පැවැත්විණි.

🎭🎶 ගීත හා නාට්‍යයන්ගෙන් රසවත් කරගත් මෙම සැන්දෑව,
කලා ආදරයෙන් සරසන දිඹුලාගලේ දරු දැරියන්ගේ දක්ෂතා
වේදිකාවට ගෙන ආ අතිවිශිෂ්ට වැඩසටහනක් විය.

මෙහි විශේෂ දායකත්වය දැක්වූයේ
ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක ජයසුන්දර සහ
මන්ත්‍රී රුවනි වාසනා මහත්මියගේ කලා ආයතනය වන අතර,
සභා කාර්ය මණ්ඩලය ද ගායන වැඩසටහන් සඳහා සහභාගී විය.

🌸✨ “සංස්කෘතිය රැකගනිමින්, ගීතය හා නාට්‍යයෙන්
අපේ මනස සන්සුන් කරමින්, ආලෝකය විහිදු වීමට ඔවුන් ගත් වෑයම ඉතා විශිෂ්ටය.
” ✨🌸

මෙම සාහිත සන්ධ්‍යාව, දරුවන්ගේ හැකියාවන් බිහි කරන,
ග්‍රාමීය සංස්කෘතිය ජිවන්ත කරවන හා
කලා-සාහිත්‍යය එකට ගොඩනගන විශිෂ්ට මංගල්‍යයක් ලෙස
බල ප්‍රදේශයේ ජනතාවගේ සිත් සන්සුන් කිරීමට සමත් විය.

📅 2025 සැප්තැම්බර් 19 | 📍 දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රය | 🗂️ දිඹුල්ගිර සාහිත සන්ධ්‍යාව

Top