පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්
“නිකසල පුරයක් – සුවබර දිවියක්”
පශ්චාත් ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහන
📅 2026 ජනවාරි 07, 08, 09
📌 රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
🔹 පළමු දිනය – 2026/01/07
“සෞඛ්යාරක්ෂිත වටපිටාවක්” ප්‍රජා මට්ටමේ ඩෙංගු මර්දන වැඩසටහන්
පශ්චාත් ආපදා කාලසීමාව තුළ සහ ඊසාන දිග මෝසම් සුළං සක්‍රීය වීමත් සමඟ ප්‍රජාව තුළ ඩෙංගු මදුරුවන්ගෙන් හා අනෙකුත් වසංගත රෝගවලින් ඇතිවිය හැකි අවධානම අවම කිරීම සහ පරිසරය පිරිසිදු කිරීම සඳහා ප්‍රජා සහභාගිත්වයෙන් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමයි.
මෙම වැඩසටහනට සමගාමීව,
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් අරලගංවිල නගරය කේන්ද්‍ර කරගනිමින්,
•මගී ප්‍රවාහන බස් නැවතුම්පොළ සහ ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීම.
•කාණු පද්ධති පිරිසිදු කිරීම.
•ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කිරීම යන ක්‍රියාකාරකම් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.
2025 වසරේ නොවැම්බර් මාසයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය, දිට්වා සුළි කුණාටුවේ බලපෑම හා ඊසාන දිග මෝසම් සුළං සක්‍රීය වීම හේතුවෙන් දිවයින පුරා අඛණ්ඩ වර්ෂාපතනයක් වාර්තා විය. ඒ හේතුවෙන් වැසි ජලය එක්රැස් වී මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් මාසයේ දෙවන සතිය තුළ පමණක් දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,289 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය 2024 දෙසැම්බර් මාසය සමඟ සැසඳීමේදී සැලකිය යුතු ඉහළ යාමක් ලෙස නිරීක්ෂණය වේ. එසේම 2025 දෙසැම්බර් මාසය වනවිට ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 25ක් වාර්තා වී තිබීම විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි.
විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් පරිසරය පුරා විසිරුණු ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍ය තුළ ජලය රැස් වීම මගින් ඩෙංගු ඇතුළු වසංගත රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානම ඉහළ ගොස් ඇත. එබැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් හා සංවිධානාත්මක මැදිහත් වීමක් මෙමගින් ලබා දීම අපගේ අරමුණයි.