12/02/2026

14 වන සංචාරක කණ්ඩායමත් දිඹුලාගලට…! 💜️💪

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


14 වන සංචාරක කණ්ඩායමත් දිඹුලාගලට…! 💜️💪
දිඹුලාගල කන්ද තරණය, දළුකාන වැව ආශ්‍රිත කඳවුරු බැඳීම සහ ස්වභාවික පරිසරයේ සුවය අත්විඳීම සඳහා 14 වන සංචාරක කණ්ඩායම දිඹුලාගලට පැමිණියේය. මෙම පැමිණීමත් සමඟ ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් සක්‍රීය වන අතර, ගම්වාසී ජනතාවට සෘජු හා වක්‍ර ආදායම් අවස්ථා රැසක් නිර්මාණය වෙමින් පවතී.
සංචාරකයින් සඳහා ආරක්ෂිත හා ගුණාත්මක සේවාවන් සැපයීම, පරිසර හිතකාමී ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සහ ප්‍රදේශයේ සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ප්‍රමුඛ අරමුණකි.
මෙම වැඩපිළිවෙළ හරහා
🌿 ප්‍රදේශයේ තරුණයින්ට රැකියා අවස්ථා
🏕️ ගෘහ නවාතැන් හා කඳවුරු සේවා වර්ධනය
🍲 ස්ථානික ආහාර හා නිෂ්පාදන සඳහා වෙළඳ අවස්ථා
🚜 ප්‍රවාහන හා මඟ පෙන්වීම් සේවා විස්තාරය
යන අංශවල සැලකිය යුතු ප්‍රගතියක් දැකිය හැකිය.
දිඹුලාගල සංචාරක ගමනාන්තයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් හඳුන්වා දෙමින්, ප්‍රදේශයේ ආර්ථිකයට ශක්තිමත් පදනමක් සකස් කිරීම අපගේ අරමුණ වේ.
එකමුතුවෙන්, සැලසුම් සහගතව, දිඹුලාගල නව සංචාරක යුගයකට පියවර තබමු! ✨💜

Top