25/02/2026

15 වන සංචාරක කණ්ඩායමත් දිඹුලාගලට 💜️💪

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය


15 වන සංචාරක කණ්ඩායමත් දිඹුලාගලට 💜️💪

සංචාරක කර්මාන්තයේ සාර්ථක පියවරක් ලෙස 15 වන සංචාරක කණ්ඩායම ද දිඹුලාගලට පැමිණියා. දිඹුලාගල ප්‍රදේශයේ ස්වභාවික සුන්දරත්වය, ආගමික වටිනාකම් සහ ඉතිහාසය පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබුණා.
මෙම සංචාරක කණ්ඩායම් පැමිණීම මඟින් ප්‍රදේශයේ ආර්ථිකය ශක්තිමත් වීමටත්, ස්වයං රැකියා අවස්ථා වැඩිවීමටත්, දේශීය ව්‍යාපාර ප්‍රවර්ධනය වීමටත් විශාල දායකත්වයක් ලැබෙනවා.
දිඹුලාගල සංචාරක කර්මාන්තයේ පුනරුදය වෙනුවෙන් අපි අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, ඉදිරියටත් තවත් සංචාරක කණ්ඩායම් ගණනාවක් ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වෙමු.
දිඹුලාගල – ස්වභාවය, ඉතිහාසය හා ආගමික ගරුත්වය එක්වෙන සුන්දර ගමනාන්තයක්! 💜

Top