15/05/2026
W.D. ශාමික ප්‍රසාද් මහතා සදහා සංග්‍රහය සහ සමරු ත්‍යාග ප්‍රදාන වැඩසටහන
දිඹුලාගල ප්‍රාදේශීය සභාව
දිඹුලාගල ප්‍රාදේශීය සභාව
දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගිණුම් අංශයේ ගිණුම් සහකාර නිලධාරීවරයෙකු ලෙස වසර ගණනාවක් පුරාවට ඉතා කැපවීමෙන්, වගකීමෙන් හා සුහදශීලී අයුරින් සේවය කළ W.D. ශාමික ප්‍රසාද් මහතා 05 වාර්ෂික නිවාඩු ලබා ආයතනයෙන් සමුගැනීම නිමිත්තෙන්, ඒ මහතාගේ සේවය අගය කිරීම සඳහා අද දින විශේෂ සංග්‍රහයක් සහ සමරු ත්‍යාග ප්‍රදාන වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය හා පරිපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී වගකීම් සහගතව කටයුතු කළ ඒ මහතා, කාර්යමණ්ඩලය සමඟ සුහද සබඳතා පවත්වා ගනිමින් ආයතනයේ දියුණුව සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට කටයුතු කර තිබේ. සේවා කාලය තුළ විනයගරුක, නිහතමානී සහ සහයෝගයෙන් යුතු නිලධාරියෙකු ලෙස කාර්යමණ්ඩලයේ ගෞරවයට පාත්‍ර වූ ඒ මහතාගේ සේවය මෙහිදී විශේෂයෙන් අගය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, ලේකම්තුමන් ඇතුළු කාර්යමණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන් සහභාගී වූ අතර, ශාමික ප්‍රසාද් මහතාගේ අනාගත දිවියට සහ ඉදිරි කටයුතු සඳහා සියලු දෙනාගේ සුභාශිංසන එක් කිරීමටද කටයුතු කරන ලදී.
එමෙන්ම, දිඹුලාගල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඒ මහතා විසින් ඉටු කළ වටිනා සේවය වෙනුවෙන් ස්තූතිය පුද කරමින්, නිරෝගී හා සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරමු.