31/07/2026
ජාතික සුපිළිපන් සතිය 2026

2026 ජූලි 31 දින, “සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්
රී ලංකාවක්” ජාතික වැඩසටහනට සමගාමීව දිඹුලාගල ප්
රාදේශීය සභාවේ ලේකම්තුමන්ගේ ප්
රධානත්වයෙන් නිලධාරී මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
එම අවස්ථාවට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිතුමන් සහ ගරු මන්ත්‍රීතුමන් ද සහභාගි වූ අතර, අනතුරුව ජාතික සුපිළිපන් සතියේ අරමුණු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදී.
මෙම ජාතික වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍ය සේවය කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම, ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පාරදෘශ්‍යභාවය හා වගවීම තහවුරු කිරීම මෙන්ම සදාචාරාත්මක හා ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවා සංස්කෘතියක් ගොඩනැගීමයි.
“තමන්ගෙන් සේවය ලබාගන්නා සියලු ජනතාව වෙත සාධාරණ, පාරදෘශ්‍ය, වගකීමෙන් යුත් හා සදාචාරාත්මක රාජ්‍ය සේවයක් ලබාදීමට අපි කැපවෙමු.”

පිරිසිදු චින්තනයක්… සදාචාරාත්මක හැසිරීමක්… පාරදෘශ්
ය සේවාවක්… ජනතා විශ්වාසය දිනාගත් රාජ්
ය සේවයක් වෙනුවෙන් අපි සැවොම එක්වෙමු.
#dimbulagala_pradeshiya_sabha #ජාතිකසුපිළිපන්සතිය2026 #CleanSriLanka #සුපිළිපන්සංස්කෘතිය #DimbulagalaPradeshiyaSabha #PublicService #GoodGovernance #SriLanka #DPS #dps_media