15/09/2025

ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කෙරෙන පරිසරයක් නිර්මාණය කරමින් අනාගත දැක්ම සුරක්ෂිත කෙරෙන පුනරුදයේ පුරවරයක් බිහි කිරීම යන අරමුණ පෙරදැරි කරගෙන “පළාත් පාලන සතිය – 2025” වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය උත්කර්ෂවත් අන්දමින් ගරු කතානායක පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභා සිරිපුර ජල ව්‍යාපෘති පරිශ්‍රයේදී පැවැත්විණි.

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා සිරිපුර ජල ව්‍යාපෘති පරිශ්‍රයේදී


“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025

🎉 සමාරම්භක උත්සවය – ජංගම සේවා දිනය

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් යන ජාතික දැක්ම සත්‍ය කරගනිමින්
පළාත් පාලන සතිය 2025 වැඩසටහන් මාලාව
දිඹුලාගල ප්‍රාදේශීය සභා සිරිපුර ජල ව්‍යාපෘති පරිශ්‍රයේදී
ගරු කතානායක පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කරන ලදී.

මෙම සමාරම්භක දිනය ජංගම සේවා දිනය ලෙස නම් කර
2025.09.15 දින දිඹුලාගල බල ප්‍රදේශයේ ජනතා අවශ්‍යතා සපිරීම උදෙසා
රජයේ ආයතන හා පෞද්ගලික ආයතන එක්ව
දිනපුරා කාර්යක්ෂම සේවා සපයන ලදී.

දිනපුරා ජනතාවට ලබාදුන් සේවාවන්:

  • 👁️ අක්ෂි සායනයන්
  • 🩺 දියවැඩියා හා කොලෙස්ටෝල් පරීක්ෂාවන්
  • ⚖️ නීති උපදේශන සේවා
  • 🌾 ගොවිජන සේවා මධ්‍යස්ථාන කටයුතු
  • 🏦 රාජ්‍ය බැංකු උපකාරී සේවා
  • 🚗 රියදුරු බලපත්‍ර ලියාපදිංචිය
  • 🛡️ ජීවිත හා වාහන රක්ෂණ සේවා
  • 💼 කුඩා ව්‍යාපාර උපදේශන හා සහය
  • 🏛️ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විවිධ සභා සේවා

මෙය ජනතාවට සෘජු ප්‍රතිලාභ ගෙනදෙන සාර්ථක දිනයක් විය.

📌 “පුනරුදයේ පුරවර” වැඩසටහන් මාලාව අඛණ්ඩව දිවයයි.

Top