27/01/2026

🌾🚜 සිරිපුර – මීවත්පුර කුඹුරු මාර්ගය පිළිසකර කිරීම 🛤️✨

slider image

 සිරිපුර – මීවත්පුර ප්‍රදේශය


පසුගිය කාලය තුළ ඇති වූ අධික වර්ෂාපතනය සහ ආපදා තත්ත්වය හේතුවෙන් සිරිපුර – මීවත්පුර ප්‍රදේශයේ කුඹුරු යායට පිවිසෙන මාර්ගය දැඩි ලෙස විනාශයට ලක්ව ගොවි ජනතාවගේ දෛනික කෘෂිකාර්මික කටයුතු සම්පූර්ණයෙන්ම බාධා වූ අතර, එම තත්ත්වය පිළිබඳ ගොවි ජනතාව විසින් ඉදිරිපත් කළ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් දිඹුලාගල ප්‍රාදේශීය සභාව වහාම ක්‍රියාත්මක විය.

එහි ප්‍රතිඵලයක් ලෙස, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් සහ සම්බන්ධ නිලධාරීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සක්‍රීය දායකත්වයෙන්, සිරිපුර – මීවත්පුර කුඹුරු යායට යන මාර්ගය කඩිනමින් පිළිසකර කිරීම සිදු කර ගොවි ජනතාවට නැවත භාවිතයට ලබා දීමට හැකි විය.

මෙම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම හරහා, කුඹුරු වැඩ කටයුතු, බීජ වපුරා ගැනීම, පොහොර ප්‍රවාහනය සහ අස්වනු රැස් කිරීම වැනි අත්‍යවශ්‍ය කෘෂිකාර්මික කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදු කරගැනීමට ගොවි ජනතාවට නැවත අවස්ථාව හිමි විය.

ගොවි ජනතාවගේ ජීවිකාව ආරක්ෂා කරමින්, කෘෂිකාර්මික නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික පහසුකම් සැලසීම දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන වගකීමක් ලෙස සලකා, ඉදිරියටත් මෙවැනි හදිසි අවස්ථාවලදී ජනතාව සමඟ එක්ව කඩිනම් විසඳුම් ලබාදීමට සභාව කැපවී සිටී.

Top