27/03/2026

🎈 🧸 සිගිති පොළ 2026 🧸🎉

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා පෙරපාසල් පරිශ්‍රය


දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් දිඹුලාගල පෙරපාසලේ දුවා දරුවන්ගේ සිගිති පොළ 2026.03.27 වන අද දින ඉතා උත්සවශීලීව, සාර්ථකව හා සතුටුදායක වාතාවරණයක් යටතේ පැවැත්විනි.

දුවා දරුවන්ගේ කුඩා ව්‍යාපාරික හැකියාවන්, සමාජීය හැසිරීම්, සහ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම සිගිති පොළ තුළ, දරුවන් විසින් විවිධ ආහාර වර්ග, පලතුරු, කුඩා වෙළඳ භාණ්ඩ ආදිය ප්‍රදර්ශනය කරමින් හා විකිණීම සිදුකරමින් සැබෑ වෙළඳපොළ අත්දැකීමක් ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන් හා මන්ත්‍රීතුමිය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ ප්‍රදේශයේ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වී මෙම අවස්ථාව වඩාත් උත්කර්ෂවත් කරනු ලැබීය.

දුවා දරුවන්ගේ උද්යෝගය, සතුට සහ සක්‍රීය සහභාගීත්වය මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූ අතර, සියලුදෙනාගේ ප්‍රශංසාවට පාත්‍ර වූ මෙම සිගිති පොළ පෙරපාසල් අධ්‍යාපනය තුළ වටිනා අත්දැකීමක් ලෙස සැලකේ.

මෙවැනි වැඩසටහන් හරහා දරුවන්ගේ ආත්ම විශ්වාසය, සමාජීය හැකියාවන් සහ කණ්ඩායම් කාර්යයන්හි සහභාගී වීමේ හැකියාවන් තවදුරටත් වර්ධනය වන බවද මෙහිදී පැහැදිලි විය.

Top