21/09/2025

🏆 ක්‍රීඩා හා සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උලෙළ – පළාත් පාලන සතිය 2025

slider image

 මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණය


🏆 ක්‍රීඩා හා සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උලෙළ – පළාත් පාලන සතිය 2025

🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” | 🏛️ “පුනරුදයේ පුරවර”

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” තේමාව යටතේ
පළාත් පාලන සතිය 2025
ක්‍රීඩා හා සහතික පත්‍ර ප්‍රදානය සහ සමාප්ති උලෙළ
2025.09.21 දින
මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණයහිදී
නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම වැඩසටහනට දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග මහතා, උප සභාපතිතුමන්, ප්‍රාදේශීය මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ
බල ප්‍රදේශයේ ජනතාව විශාල සංඛ්‍යාවකින් සහභාගී විය.

🏆 තරුණ කණ්ඩායම් 12ක් එක්ව පැවැත්වූ බල ප්‍රදේශ කොට්ඨාස ක්‍රිකට් තරඟාවලියේ
අවසන් මහා තරඟය දක්වා කඩිසර වුයේ දිඹුලාගල කොට්ඨාසය නියෝජනය කළ තරුණ කණ්ඩායමයි.

👥 මන්ත්‍රී මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය එක්වූ විනෝදජනක ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරඟය ද පැවැත්වූ අතර,
ඒ මගින් ආදර්ශමත් සහයෝගීතාමය අරමුණක් ඉටු කරන ලදී.

තරුණයින්ගේ ක්‍රීඩා හැකියාවන් ඉස්මතු කරමින්,
සෞඛ්‍යවත් හා එකමුතු ජනසමාජයක් බිහි කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.

📅 2025 සැප්තැම්බර් 21 | 📍 මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණය | 🗂️ ක්‍රීඩා හා සමාප්ති උලෙළ

Top