02/06/2026
🏘️ “ගම් දහසක වැඩ දහසක්” 🏘️
කජුවත්ත ග්‍රාමය
✨ පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ✨
🌱 ප්‍රජා ශක්ති 2026 🌱
🏘️ “ගම් දහසක වැඩ දහසක්” 🏘️
ශ්‍රී ලංකාවේ බහුමාන දරිද්‍රතාවය අවම කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින්, මහජන බදු මුදල් රුපියල් මිලියන 25,000ක් වැය කරමින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජා ශක්ති 2026 – ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන 2026 ජූනි මස 02 වන දින දිවයින පුරා ගම්මාන දහසකදී සමාරම්භ කෙරිණි.
එහි සමාරම්භක වැඩසටහන් අතරින් එකක් ලෙස කජුවත්ත ග්‍රාමය මූලික කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම අද දින සිදු කෙරිණි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථික, සමාජීය හා යටිතල පහසුකම් සංවර්ධනය කරමින් තිරසාර සංවර්ධනයක් උදා කර දීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
මෙම වැඩසටහන ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය විසින් සංවිධානය කර මෙහෙයවනු ලැබූ අතර, ඒ සඳහා සුනිල් රත්නසිරි මහතා, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්, කොට්ඨාස මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා ලේකම්තුමන් සහ කාර්ය මණ්ඩලය, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.
🤝 මෙම වැඩසටහන තුළින් ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ප්‍රමුඛතා මත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින්, ශක්තිමත් හා සවිබල ගැන්වුණු ගම්මාන බිහි කිරීම අපේක්ෂා කෙරේ.
Top