25/12/2025

🏞️දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සංචාරක ආකර්ෂණීය ස්ථාන නිරීක්ෂණ ආරම්භක දිනය🌿

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය


දිස්ත්‍රික් සංචාරක උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, මහවැලි “බී” කලාපීය සැලැස්මේ සඳහන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සංචාරක ආකර්ෂණීය ස්ථාන හා අත්දැකීම් පදනම් කරගත් විශේෂ වැඩසටහන් මාලාව 2025.12.25 දින දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ විය.
මෙම වැඩසටහන යටතේ නාමල්පොකුණ, කොටාරගල, කොස්ගහ උල්පත, පුල්ලිගොඩ චිත්‍ර, දළුකාන වැව හා ඒ ආශ්‍රිත කදවුරු භූමිය, වලස්ගල කදවුරු භූමිය, ඇල්ලෙවැව සංචාරක ඔරු සේවාව හා ඒ ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම්, බඳනාගල ලුහු කර්මාන්තය ආශ්‍රිත අත්දැකීම්, පිඹුරත්තෑව ජලාශය හා පිටවාන යන ස්ථාන සංවර්ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා සම්පත් දායකයෙකු ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශම්මික ලියනගේ මහතා සහභාගී වූ අතර, මහවැලි අධිකාරිය මෙම වැඩසටහනට ප්‍රධානත්වය ලබා දෙන ලදී.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ටී.බී. සරත් මහතා, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරී පිරිස්, දිඹුලාගල ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් සභාපතිතුමන්, ලේකම්තුමන් සහ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, එමෙන්ම විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

Top