13/02/2026
💜️💪 සිකුරාදා නගර පිරිසිදු කිරීමේ වැඩසටහන – සිරිපුරෙන් ආරම්භ වූ සාර්ථක පියවරක්
සිරිපුර නගරය
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් සෑම සිකුරාදා දිනකම ක්‍රියාත්මක කරනු ලබන උප නගර පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන යටතේ, එහි එක් පියවරක් ලෙස අද දින සිරිපුර නගරය පිරිසිදු කිරීමේ කටයුතු සාර්ථකව සිදුකරන ලදී.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ නගර පරිසරය පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක තබා ගැනීම, කසළ කළමනාකරණය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, හා ජනතාවට අලංකාර හා ආකර්ෂණීය නගර පරිසරයක් නිර්මාණය කිරීමයි.
සභාවේ සේවක මණ්ඩලය එක්ව මාර්ග දෙපස ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම, පොදු ස්ථාන පිරිසිදු කිරීම හා නගරය සෞන්දර්යවත් කිරීමේ කටයුතු සිදුකරන ලදී.
පිරිසිදු නගරයක් සෑදීම සභාව පමණක් නොව, ජනතාවගේ ද සහයෝගයෙන් සාර්ථක වන කාර්යයකි. එබැවින්, “අපගේ නගර අපම රකිමු” යන සංකල්පය යටතේ සියලු දෙනාගේ සක්‍රීය සහයෝගය අපේක්ෂා කරමු.
පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න හා ආකර්ෂණීය දිඹුලාගලක් සඳහා අපගේ ගමන අඛණ්ඩව ඉදිරියට… 🌿✨
📅 2026 🏫 දිඹුලාගල ප්‍රාදේශීය සභාව