23/03/2026

📌 ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම – දිඹුලාගල

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය


📌 ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම – දිඹුලාගල

2026.03.24 දින දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම විධිමත්ව හා සාර්ථකව පැවැත්විනි.

මෙම රැස්වීම සඳහා පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දිඹුලාගල සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය ලේකම්තුමිය, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්, කොට්ඨාස මන්ත්‍රීවරුන් සහ රජයේ විවිධ ආයතන නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව සම්පූර්ණ විය.

මෙහිදී දිඹුලාගල ප්‍රදේශයේ පවතින සංවර්ධන වැඩසටහන්, මහජනතාව මුහුණ දෙන ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය, මාර්ග සංවර්ධනය, ජල පහසුකම්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මකව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ප්‍රදේශයේ ජනතාවට ඉක්මන් හා ප්‍රතිඵලදායක සේවාවන් ලබාදීම සඳහා අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

ඉදිරි සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට සහ මහජන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට සියලු පාර්ශව එකමුතුවෙන් කටයුතු කිරීමටද එකඟතාව පළ විය.

Top