25/05/2026
📌කාර්යමණ්ඩල කාර්ය සාධන වැඩසටහන💪
දිඹුලාගල ප්‍රාදේශීය සභාව
📌 දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ කාර්යමණ්ඩල කාර්ය සාධන වැඩසටහනේ ආරම්භක සතිය 2026.05.25 එනම් අද දින සාර්ථකව ආරම්භ විය.
මෙම අවස්ථාව සඳහා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් හා ලේකම්තුමන් එක්ව කාර්යමණ්ඩලය දැනුවත් කිරීම සිදු කළ අතර, ජනතාවට වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක හා ප්‍රතිචාරාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. 🧡💪
මෙහිදී සභාවේ විවිධ අංශවල නිලධාරීන්ගේ විෂය පථයන්ට අදාළ රාජකාරී හා වගකීම් පිළිබඳ පැහැදිලි කාර්යසාධන මාර්ගෝපදේශ ලබාදීම සිදු වූ අතර, සතිපතා ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් හා ඉලක්ක හඳුන්වාදීමද සිදු කෙරිණි.
එමඟින් රාජකාරි ක්ෂේත්‍රයන්හි වැඩි කාර්යක්ෂමතාවයක්, වගකීම් සහගතභාවයක් සහ කාලෝචිත සේවා සැපයීමක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.