28/04/2026
🚌 ජනතා සුබසාධනය වෙනුවෙන් නව බස් නැවතුම්පොළක්… 🚌
අරලගංවිල දම්මින්න
🚌 ජනතා සුබසාධනය වෙනුවෙන් නව බස් නැවතුම්පොළක්… 🚌
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් ජනතා පහසුව හා ප්‍රදේශීය සංවර්ධනය අරමුණු කරගෙන ඉදිකරන ලද දම්මින්න නව බස් නැවතුම්පොළ මේ වනවිට මහජනතාවගේ පරිහරණය සඳහා විවෘත කර ඇති අතර, දිනපතා ගමන් බිමන් කරන පාසල් සිසුන්, සේවයට යන පිරිස්, වෙළඳ ප්‍රජාව සහ ප්‍රදේශවාසීන්ට මහත් පහසුවක් සලසා දෙයි.
වර්ෂා කාලය, තද අව් රශ්මිය හෝ අනෙකුත් අයහපත් කාලගුණික තත්ත්වයන් අතරතුර බස් රථ බලාපොරොත්තු වන ජනතාවට ආරක්ෂිතව හා සුවපහසු ලෙස රැඳී සිටීමට මෙම නව බස් නැවතුම්පොළ මගින් අවස්ථාව උදා වී ඇත.
මෙය ජනතා බදු මුදල් හා රාජ්‍ය වියදම් යටතේ ඉදිකළ පොදු දේපළක් වන බැවින්, එය පිරිසිදුව තබා ගැනීම, බිත්ති හානි නොකිරීම, අපද්‍රව්‍ය නොදැමීම සහ නිසි අයුරින් භාවිතා කිරීම අප සැමගේ වගකීමකි.
🙏 පොදු දේපළ රැකගනිමු…
🌿 සංවර්ධනය සුරකිමු…
🤝 අනාගත පරපුරට වටිනා දායාදයක් ඉතිරි කරමු…