30 March 2021

🌸ජාත්‍යන්තර කාන්තා දිනය – 2026 විශේෂ වැඩසටහන

news images

ජාත්‍යන්තර කාන්තා දිනය – 2026 🌸
“ශක්තිමත් කාන්තාව – ශක්තිමත් සමාජයක්”

දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, ප්‍රදේශයේ කාන්තාවන්ගේ සමාජ, ආර්ථික හා නායකත්ව දායකත්වය අගය කරමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

📌 වැඩසටහන් විස්තර:
🔹 නොමිලයේ පැවැත්වෙන සුවනාරි සායනය
🔹 අවුරුදු 18ට වැඩි ඔබ සඳහා රැකියා පොළ
🔹 රජයේ බැංකු මගින් සහනදායි ණය ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම
🔹 ස්වයං රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් කිරීම
🔹 සම්මාන උලෙළ , වෙළඳ ප්‍රදර්ශනය හා ගී රස වින්දන වැඩසටහන

🗓 දිනය: 2026 මාර්තු 12
⏰ වේලාව: පෙ.ව 10.00 සිට
📍 ස්ථානය: දිඹුලාගල ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී

මෙම අවස්ථාවට ප්‍රදේශයේ සියලු කාන්තාවන්ට ආරාධනා කරමු.
එක්වෙමින් ශක්තිමත් කාන්තා බලයක් ගොඩනඟා ගමු! 💜

Top