17/09/2025
අරලගංවිල නගරය නිළ වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගැනීම
අරලගංවිල නගරය කේන්ද්‍ර කර ගනිමින්
“පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025
🏙️ සෞඛ්‍ය හා සනීපාරක්ෂණ දිනය – නාගරික සංවර්ධන අවධාරණය
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන, පිරිසිදු හා සුරක්ෂිත පරිසරයක්
ගොඩනගා ගැනීම සඳහා “පුනරුදයේ පුරවර” පළාත් පාලන සතිය 2025
තෙවන වැඩසටහන 2025.09.17 දින
අරලගංවිල නගරය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලදී.
“පිරිසිදු පරිසරයකින් සෞඛ්‍යමත් ජීවිතයකට” යන තේමාව යටතේ
අරලගංවිල නගරය නිළ වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය (UDA)
යටතට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රජාවට දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී සැලසුම් කිරීමේ ක්‍රමවේද, නෛතික මෙවලම්, නාගරික සංවර්ධන ප්‍රතිපත්ති
සහ ප්‍රදේශ සංවර්ධන කටයුතු ශ්‍රේණිගතව හා විධිමත් ලෙස
ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කරන ලදී.
මෙය ශාස්ත්‍රීය, නීතිමය හා සංවර්ධන පදනමක් මත ගොඩනගන
සාර්ථක නගර පරිසරයක් සඳහා වූ වැදගත් පියවරක් වේ.