21/09/2025
🎓 සහතික පත්‍ර ප්‍රධානෝත්සවය – පළාත් පාලන සතිය 2025
මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණය
🎓 සහතික පත්‍ර ප්‍රධානෝත්සවය – පළාත් පාලන සතිය 2025
🌿 “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” | 🏛️ “පුනරුදයේ පුරවර”
ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන ජීවත්වන වටපිටාව සුරක්ෂිත කිරීමේ අරමුණින්
පළාත් පාලන සතිය 2025 යටතේ
“ක්‍රීඩා හා සහතික පත්‍ර ප්රදානය සහ සමාප්ති උලෙළ” සමගාමීව
දිඹුලාගල ප්‍රාදේශීය සභාව මගින් පැවැත්වූ
සහතික පත්‍ර ප්‍රධානෝත්සවය
නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතාගේ ප්‍රධානත්වයෙන්
2025.09.21 දින
මනම්පිටිය මෛත්‍රී ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි.
මෙම උත්සවයට සභාපති ගයාන් චතුරංග මහතා, උප සභාපතිතුමන්, ප්‍රාදේශීය මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමන්, කාර්ය මණ්ඩලය, සම්භාවනීය අමුත්තන් සහ
බල ප්‍රදේශයේ ජනතාව විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.
මෙහිදී විශේෂ ලෙස අගය කරන ලද අවස්ථා:
- 🎨 2025.09.19 දින පැවැත් වූ චිත්‍ර තරඟයේ ජයග්‍රහණය කළ දරුවන්ට සහතික සහ පදක්කම් පිරිනැමීම
- 📚 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලබාගත් දරුවන් සහ ගුරුවරුන් ඇගයීම
- 🏬 බල ප්‍රදේශයේ වෙළෙඳසැල් ඇගයීම
- 🏏 ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය කළ කණ්ඩායම් සඳහා කුසලාන ප්රදානය
මෙම උත්සවය මගින් දරුවන්ගේ, ගුරුවරුන්ගේ හා ප්‍රාදේශීය ප්‍රජාවේ දක්ෂතා හා සේවාවන් පිළිගනිමින්
අභිමානයකින් පිරුණු විශිෂ්ට අවසන් උත්සවයක් ලෙස සලකනු ලැබීය.