01/10/2025
🌉 කොටලීය පාලම පුනරුදය – ජනතාවගේ බලාපොරොත්තුව සාර්ථක මගකට! 🌉
කොටලීය පාලම
🌉 කොටලීය පාලම පුනරුදය – ජනතාවගේ බලාපොරොත්තුව සාර්ථක මගකට! 🌉
🚧 “පුනරුදයට මඟ” මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මඩකලපුව නගරයට දිවෙන ප්‍රධාන මාර්ගයේ පිහිටි
කොටලීය පාලම හා ගල්ලෑල්ල පාලම දශක ගණනාවක් තිස්සේ අබලන් තත්ත්වයක පැවති අතර,
මාර්ගය දිනපතා භාවිත කරන ජනතාව විවිධ අපහසුතා හා අනතුරුදායක තත්වයන්ට ලක් විය.
මෙම දීර්ඝකාලීන ගැටලුවට විසඳුමක් ලෙස “පුනරුදයට මඟ” මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ,
පාලම පුළුල් කර නැවත ඉදිකිරීමේ කටයුතු 2025 ඔක්තෝබර් 01 දින
ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ උත්සවපූර්වකව ආරම්භ විය.
මෙම ඉදිකිරීම් සඳහා රුපියල් 296,043,109.93 ක විශාල මුදලක් වෙන්කර ඇති අතර,
2026 වසර අවසානයට පෙර වැඩ අවසන් කිරීම සඳහා කටයුතු සිදුකර ඇත.
මෙම අවස්ථාව නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා සහ
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර,
දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග මහතා,
නගරාධිපති ලලිත් තිස්ස කුමාර මහතා, ලේකම්තුමන්, ප්‍රාදේශීය මන්ත්‍රී මණ්ඩලය,
පොළොන්නරුව ප්‍රාදේශීය සභාපතිතුමන් හා මන්ත්‍රී මණ්ඩලය,
මහවැලි බී කලාපයේ ව්‍යාපාරික කළමනාකාරවරයා, රාජ්‍ය නිලධාරීන් සහ
ජනතාව විශාල සංඛ්‍යාවක් සහභාගී විය.
මෙම නව පාලම ජනතාවට ආරක්ෂාකාරී, වේගවත් හා පහසු ගමනාගමනයක් ලබා දෙන අතර,
පොළොන්නරුව–මඩකලපුව මාර්ගය යටතේ සම්බන්ධිත ප්‍රදේශවල
ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනය සඳහා නව දොරටුවක් විවෘත කරයි.
✨ ජනතාවගේ බලාපොරොත්තුවක් වූ කොටලීය පාලම පුනරුදය සාර්ථක කර ගැනීම අපේ අරමුණයි.