09/01/2026

රාජ්‍ය හා පෞද්ගලික අංශ ආවරණය වන ජාතික ඩෙංගු මර්දන වැඩසටහන

slider image

 දිඹුලාගල ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රය


පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්
“නිකසල පුරයක් – සුවබර දිවියක්”
පසු ආපදා පවිත්‍රතා සහ ඩෙංගු මර්දන තෙදින ජාතික වැඩසටහන

තුන්වන දිනය වූ 2026/01/09 දින, රාජ්‍ය හා පෞද්ගලික අංශ ආවරණය වන ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, දිඹුලාගල ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් කාර්යමණ්ඩලයේ සක්‍රීය සහභාගීත්වයෙන් සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරිශ්‍රයන් තුළ ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි අවස්ථා හඳුනාගෙන ඉවත් කිරීම මඟින්, ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කර මහජන සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමයි.

2025 වසරේ නොවැම්බර් මාසයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය, දිව්වා සුළි කුණාටුවේ බලපෑම සහ ඒ සමඟ ඊසාන දිග මෝසම් සුළං සක්‍රීය වීම හේතුවෙන් සමස්ථ දිවයින පුරා අඛණ්ඩ වර්ෂා පවතිණි. මෙම තත්ත්වය හේතුවෙන් වැසි ජලය එක්රැස් වී මදුරුවන් බෝවීමට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේ දෙසැම්බර් මස දෙවන සතිය තුළදී පමණක් සමස්ථ දිවයිනම ආවරණය කරමින් ඩෙංගු රෝගීන් 1,289 දෙනෙකු වාර්තා වී ඇති අතර, එය 2024 වසරේ දෙසැම්බර් මාසය හා සැසඳීමේදී සැලකිය යුතු ඉහළ වර්ධනයක් බව නිරීක්ෂණය වේ. තවද 2025 දෙසැම්බර් මස වන විට ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 25ක් වාර්තා වී ඇත.

විශේෂයෙන්ම දිව්වා සුළි කුණාටුවෙන් ඇති වූ ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් ප්ලාස්ටික්, පොලිතීන් ආදියෙන් සමන්විත අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරය පුරා විසිරී යාමෙන්, ඒවා තුළ ජලය රැස් වී මදුරුවන් බෝවීමට අතිශය හිතකර තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙය පෙර වසරවලට සාපේක්ෂව ඩෙංගු ඇතුළු වසංගත රෝග ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් බවට පත්ව ඇත.
මෙවන් පසුබිමක් තුළ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ පරිසර අපිරිසිදු වීම හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින්, එය පාලනය කිරීම සඳහා කඩිනම් හා සම්බන්ධිත මැදිහත් වීමක් අත්‍යවශ්‍ය වී ඇත.

Top